16th July 2022 17:30:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (11) දින පෙරවරු 6.30 ට පමණ හපුතලේ මුස්ලිම් විද්‍යාලය අසලදී මාර්ගයේ පෙරළී තිබූ ඉන්ධන බවුසරයක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට භටපිරිස්හී සහයෝගය ලබාදුන්හ.
ඉන්ධන ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව පැය කිහිපයක් ඇතුළත ඉන්ධන බවුසරය ආරක්‍ෂිතව ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සිය සක්‍රීයව දායකත්වය ලබාදුන්හ.
නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය ඇතිව මෙම හදිසි ක්‍රියාන්විතය පැය දෙකකට අඩු කාලයක් තුළ සාර්ථකව සිදුකරමින් බවුසරය පෙරළී ඇති මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පහසුකම් සැලසීය.
කෙසේ වෙතත්, භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ඉන්ධන බවුසරය නැවත යථා පරිදි මාර්ගයට ගැනීම හේතුවෙන් විසිරීමට ලක්ව තිබූ විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කරගැනිමටත් මාර්ගයේ ගමනාගමන කටයුතු යථා පරිදි සිදුකරගෙන යාමටත් ඉඩ හසර සැලසිණි.