Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2022 14:36:26 Hours

අභාවප්‍රාප්ත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරේ

වසර 28 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ගැමුණු හේවා බලකායේ දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (13) දින සන්ධ්‍යාවේ කළුතර, නාගොඩ පිහිටි සුසාන භූමියේදී යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල (Gun Carriage) මත තැන්පත් කර භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී ගේ දේහය ආදාහනාගාරය වෙත භාරදෙනු ලැබූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙඩි මුර ගුවනට මුසු කරමින් දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

පසුව, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරමින් අභාවප්‍රාප්ත කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී ගේ අවසන් ගමන පිළිබඳ සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් හමුදා සම්ප්‍රදානුකූලව දිංවගත කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී සිය හමුදා දිවිය තුළ ලබාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගේ අධීක්‍ෂණය මත සංවිධානය කර තිබිණි.

දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල වර්ෂ 2009 මැයි මාසයට පෙර උතුරු නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

දිවංගත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී වෙනුවෙන් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;