08th July 2022 16:22:32 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද 23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා දුනු විදීමේ තරඟාවලියේ අවසන් අදියරේ තරඟ පසුගිය සිකුරාදා (08) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ විශේෂ බලකාය යන රෙජිමේන්තු නියෝජනය කරමින් දුනු විදීමේ කණ්ඩායම් සහභාගි වූහ.
ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම පරදවමින් 23 වන අන්තර් රෙජිමේන්තු පැරා දුනු විදීමේ තරඟාවලිය - 2022 හි ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සමත් වූහ.
23 වන අන්තර් රෙජිමේන්තු පැරා දුනු විදීමේ තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කමල් ඥානරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගී වූහ.
තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් එච්.ආර් වික්‍රමසිංහ (විශ්‍රාමික) සහ කර්නල් වජිර අමරසිරි විසින් තරඟාවලියේ ජයග්‍රහාකයින් වෙත කුසලාන සහ පදක්කම් පිරිනමනු ලැබූහ.
තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි ඇතුළු එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික දුනු විදීමේ සංගමයේ සහ පැරා දුනු විදීමේ කමිටුවේ සාමාජිකයින්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.
තරඟාවලියේ පදක්කම්ලාභීන් පහතින් දැක්වේ:
හොඳම දුනුවිදින්නා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ.එන් වීරතුංග (විශ්‍රාමික)
>මීටර් 30 - ස්ටෑන්ඩින් අංශය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්. එම්. එස්. සී වික්‍රමසිංහ
දෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එන්.ආර් අතුකෝරල
තෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ මේජර් එම්. පී. කුමාර
මීටර් 30 - රෝද පුටු අංශය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.එල් චින්තක කුමාර (විශ්‍රාමික)
දෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඩී.එම්.ජේ.එල් දිසානායක
තෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.එම්.ආර්.එස් පරණමාන
මීටර් 30/50 - ස්ටෑන්ඩින් අංශය
ප්‍රථම ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එම්.බී.එන් ප්‍රසාද්
දෙවන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල පී.ඩී.බී.එස් විජේසූරිය
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එල්.පී විජය කුමාර
මීටර් 30/50 - රෝද පුටු අංශය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩී.ඩී.එස් කරුණාරත්න (විශ්‍රාමික)
මීටර් 70 - විවෘත ශූරතාව
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ.එන්. වීරතුංග (විශ්‍රාමික)
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එච්.ආර් වික්‍රමසිංහ (විශ්‍රාමික)
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එම්.ජී. එස්. බණ්ඩාර
මීටර් 70 - කණ්ඩායම් ඉසව් විවෘත ශූරතාව
ප්‍රථම ස්ථානය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එම්.ජී.එස් බණ්ඩාර
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඒ.ජී.ඩබ්ලිව්.එස් කුමාර
දෙවන ස්ථානය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.ජී.එස්.ආර්.එස්. ප්‍රියන්ත
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.එල් චින්තක කුමාර (විශ්‍රාමික)
තෙවන ස්ථානය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ.එන් වීරතුංග (විශ්‍රාමික)
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එච්.ආර් වික්‍රමසිංහ (විශ්‍රාමික)