09th July 2022 16:03:28 Hours
රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සමගාමීව 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් ලබාදුන් උපදෙස් අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථන පරිශ්‍රය තුල භටපිරිස් විසින් පසුගිය බදාදා (6) දින බණ්ඩක්ක, අමු මිරිස්, වම්බොටු, මෑකරල්, කෙසෙල් සහ වට්ටක්කා ඇතුළු එළවළු වර්ග ආදී බෝග වගාකීරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
1 වන බලකාය යටතේ දැනට පවත්වාගෙන යනු ලබන අක්කර 23 ක අඹ වගා ව්‍යපෘතියට අමතරව ඉදිරියේදී තවත් අක්කර 20ක පමණ වගා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යපෘතියේ ආරම්භක අවස්ථාව සඳහා 1 වන බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් කිහිප දෙනෙකුද සහභාගී වූහ.
මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ආහාර බෝග සුරක්‍ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් පසුගියදා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් පාලනය කරනු ලබන ගොවිපළවල විවිධ වර්ගයේ එළවළු, පලතුරු සහ වී වගා ව්‍යාපෘතීන් ආරම්භකරන ලදී.
මෙම වැඩසටහන සඳහා තාවකාලික පදනම මත පවරාගත් ඉඩම් යොදාගනිමින් ඉදිරියේදී ඇති වියහැකි ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කෘෂිකාර්මික ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරනු ලබයි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරි කරනු ලබන භටපිරිස් විසින් මේ වන විටත් වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 471.9 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ප්‍රමුඛත්වයක් මත වී, තල, බණ්ඩක්කා, වට්ටක්කා, පිපිඤ්ඤා සහ මුං ඇට ආදී බෝග වර්ග වගාකරනු ලබයි.