09th July 2022 16:43:28 Hours
රජයේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට සහ යුද්ධ හමුදාවේ හරිත කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව දඹුල්ල, දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයට යාබදව පිහිටි, කුඹුරු යායක් එළිපෙහෙලි කර වගා කටයුතු ආරම්භ කරන ලදී.
2022 ජුලි මස 03 වන දින වගා ව්‍යාපෘතියේ මූලික පියවර ආරම්භ කරමින් කාලීන බෝගයක් ලෙස අක්කර 5 කට ආසන්න භූමී ප්‍රමාණයක කව්පි වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ විසින් පිළිගන්නා ලදී.
එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ඉඩම් හිමියන් සහ ගම්වාසීන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ජාතික ඉලක්ක වෙත ළඟාවීම සඳහා කෘෂිකාර්මික ක්‍ෂ්ත්‍රය බලගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාව මගින් දියත්කරනු ලබන ජාතික මෙහෙවර පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. තවද, පුරන්වූ කුඹුරු සහ අයිතිකරුවන්ට හෝ ගොවීන්ට වගා කිරීමට නොහැකි ඉඩම් වගා කිරීම තුළින් ආහාර නිෂ්පාදනයට සහය ලබාදීමට ඇති හැකියාව පිළිබදවද එහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.