Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2022 12:10:52 Hours

විශේෂ බලකායේ සියලුම කඳවුරු තුළ වගා ව්‍යාපෘති ආරම්භ කෙරේ

විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත කෘෂිකාර්මික වගාවන් මගින් යුද්ධ හමුදා ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාතලේ, නාවුල, කොහොලන්වල ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි පසුගිය සඳුදා (04) දින වගා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ප්‍රමුඛ විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරින් සාකච්ඡාවක් පවත්වා සියලු විශේෂ බලකා කඳවුරු පරිශ්‍රයන් තුළ වගා කටයුතු ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳ සලකා බලා මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් බීජ වර්ග බෙදාදීම ද මෙහිදී සිදුකෙරිණි.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා 2022 මාර්තු මස 24 දින විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගත් අතර මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධුරය ද හොබවයි.