Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2022 13:10:52 Hours

ඉන්ධන ලබාගැනීමට පැමිණි මහජනතාව වෙත යුද්ධ හමුදාවෙන් පිසූ ආහාර පාර්සල්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින පූනෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි මහජනතාව වෙත පිසූ ආහාර පාර්සල් 500 ක් බෙදාදීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.  

ඉන්ධන පිරවුම්හළ අසල රැඳීසිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන) විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් සී.එස් දේමුණි සමඟින් සෙසුනිලයින් පිරිසක් එක්ව මෙම පිසූ ආහාර පාර්සල් බෙදාදීමට සිය සහයෝගය දැක්වූහ.