Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2022 14:10:52 Hours

නව ධූරයේ රාජකාරි භාරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක පසුගිය සති තුනක රාජකාරි කාලසීමාව පිළිබඳ සමාලෝචනයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් පසුගිය බදාදා (06) දින එම බලසේනාවේ බහුකාර්ය ශාලාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ‘ඉදිරි උපායමාර්ගයන්’ යන මැයෙන් හරවත් දේශනයක් පවත්වමින් එතුමන් එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව රාජකාරි සිදුකරනු ලැබූ දින 21 ක කාලය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරන ලදී.

සිය දේශනයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ‘හරිත බලකා’ සංකල්පය සහ තවත් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව විස්තර කළ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සහ එම පරිශ්‍රය තුළ දැනට ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිලිබඳව ද සමාලෝචනය කිරීමක් ද සිදුකරනු ලැබීය. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සතුව පැවරී ඇති කාර්යභාරයන් ඉටු කිරීම, ඉදිරි උපායමාර්ගයන් සැලසුම් සහ පරිසර සංරක්‍ෂණ ක්‍රියාවලීන් යනාදී කරුණු පිළිබඳව ද මෙම දේශනයේදී තව දුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම දේශනය මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් වෙත විකාශනය කරන ලදී.