Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2022 17:10:52 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සංචාරයක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ඉකුත් බදාදා (6) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ ප්‍රථම නිල සංචාරයේ නිරත වෙමින් එම කර්මාන්ත ශාලාව තුළ සිදුකරනු ලබන ටයර් නැවත පිරවීමේ කටයුතු සහ අනෙකුත් කාර්මික කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරනු ලැබීය.

යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යාමේ (drive-pass) ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි සමඟ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ එක්ව එතුමන් පිළිගනු ලැබූහ.

මෙම සංචාරයේදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් ටයර් නැවත පිරවීමේ අංශය නිරීක්‍ෂණය කළ අතර එහි තාක්‍ෂණික ක්‍රියාවලිය පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී. ඉන් අනතුරුව, කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන භටපිරිස් වෙත සිය ප්‍රශංසාවන් එක්කළ මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතුවල ප්‍රමිතීන් ඉහළනැංවීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළේය.