30th June 2022 12:02:34 Hours
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (28) දින කිලිනොච්චි ක්‍රීඩාංගණයේදී බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
බැඩ්මින්ටන් පුහුණු උපදේශක ක්‍රිෂාන්ත ගොඩහේවා මහතා සහ ලුතිනන් ඒ.පී.සී. ගොඩහේවා විසින් පවත්වන ලද මෙම බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන සඳහා කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් 6 ක් නියෝජනය වන පරිදි සිසුන් 77 දෙනෙකු සහ ගුරුවරුන් 15 දෙනෙකු සහභාගී වූ අතර, 571 වන බලසේනාවේ භටපිරිස් දිවා ආහාරය සහ තේ පැන් පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනා වෙත ලබාදුන්හ.
මෙම බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ක්‍රිෂාන්ත ගොඩහේවා මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර, පුහුණු වැඩසටහන අවසානයේ දී සහභාගි වූ සියලුම සිසුන් හා ගුරුවරුන් වෙත සහතිකපත් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571, 572 සහ 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.