Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2022 12:13:24 Hours

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 13 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන 2022 ජුනි මස 11 දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

නව කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබබින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

මෙම ධූරය භාරගැනීමට ප්‍රථම එතුමන් ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන මෙම ධූරයට පත්කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.