16th June 2022 09:00:04 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව’ 2022 මැයි මස 2 දින සිට ජූනි මස 7 දින දක්වා පම්පෙයිමඩු ප්‍රදේශයේ පිහිටි බළඇණි පුහුණු පාසලේදී පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් නියෝජනය වන පරිදි පාබල හමුදා ඛණ්ඩ 5 ක සහභාගීත්වයෙන් පැවැති මෙම පාඨමාලාව කාය ශක්තිය නංවාලමින් යුධ සටන් ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදී.
GPS හැසිරවීම, ආත්මාරක්‍ෂක සටන් ක්‍රම, නිරායුධ සටන්, ප්‍රභූ ආරක්‍ෂාව, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම, අවිආයුධ හැසිරවීම, වෙඩි තැබීම, විශේෂ මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ දේශන සහ ප්‍රායෝගික සැසි වාරයන් මෙම පාඨමාලාවේ විෂය මාලාව තුළ ඇතුළත් විය.
පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (07) දින පම්පෙයිමඩු බලඇණි පුහුණු පාසලේදී පැවති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගි විය. එතුමන්ගේ සුරතින් පාඨමාලවේ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.
8 දෙනෙකුගෙන් යුත් හොඳම කණ්ඩායම - 54 වන සේනාංකයේ 2 වන කණ්ඩායම
හොඳම ඛණ්ඩ භාර නිලධාරි - 11 වන ගැමුණු හේවා බලකායේ නී/71300 කපිතන් කේ.ඩී.සී.ජේ ජනාදිසි
සෑම අතින්ම අතිශූර සෙබලා - 20 වන ගජබා රෙජිමේන්තුවේ සෙ/480213 කෝප්‍රල් එම්.පී.ඩී.එන් ශාන්ත
දක්‍ෂතම වෙඩික්කරු - 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙ/520569 කෝප්‍රල් ආර්.එම්.සී.එස් බණ්ඩාර
හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සෙබලා - 2 වන (සෙවෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙ/101154 සාමාන්‍ය සෙබල ජේ.ටී.ආර්. ජයවීර