Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2022 09:15:51 Hours

කනගරායන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වියළි සලාක පාර්සල් බෙදාදෙයි

යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි ‘පත්ම හංස’ රාජ්‍ය සේවා ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකාරක ලොකු බාලසූරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව 2021 ජුනි මස 10 දින කනගරායන්කුලම් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සමන් ලියනගේ ගේ උපදෙස් හා 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වූ අතර 561 වන බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද වැඩසටහන සඳහා එක්වූහ.