Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2022 09:30:43 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනකට දායක වෙයි

වවුනියාව රෝහලේ ලේ බැංකුවේ සහයෝගය ඇතිව බෝගස්වැව මහා විද්‍යාලයේ මිණිමුතු සංවර්ධන සමිතිය මගින් පසුගිය ඉරිදා (4) දින සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ ව්‍යාපෘතියක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා භටපිරිස් සිය සහයෝගය දැක්වූ අතර ලේ දන්දීම සඳහා එක්වූ සිවිල් වැසියන් වෙත දිවා ආහාර පාර්සල් ද පරිත්‍යාග කරන ලදී.