Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2022 09:45:43 Hours

55 වන සේනාංකය වෙතින් යාපනයේ සිසු සිසුවියන් සහ තරුණ තරුණියන් සඳහා බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක්

යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මගපෙන්වීම යටතේ 55 වන සේනාංකයේ භටපිරිස් විසින් 2022 ජුනි මස 11 දින 55 වන සේනාංක ශ්‍රවණාගාරයේදී බැඩ්මින්ටන් ක්‍රිඩාව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ පාසල්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම පුහුණු සැසිය සඳහා යාපනය අර්ධද්වීපයේ පේදුරුතුඩුව, නගර්කෝවිල්, මරදන්කේනි, අයියකච්චි, පලෙයි සහ කඩ්ඩෙයිකාඩු යන ප්‍රදේශවල පාසල් සහ ක්‍රීඩා සමාජ 35 ක සාමාජිකයින් සහභාගි වූ අතර, මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ‘Nature Park’ නිවාඩු නිකේතනයේදී උදෑසන ආහාරය, පාන වර්ග, දිවා ආහාරය සහ තේපැන් ලබාදුන්හ.

පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති, මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් පී. මූර්ති මහතා ඇතුලු පිරිසක් සහභාගී වූ අතර, වැඩසටහන සමාප්තියේ සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී.