15th June 2022 18:03:55 Hours
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවති ‘සීල සමාධි’ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.
මීට වසර 2300 කට පමණ පෙර අනුබුදු මිහිඳු හිමිපාණන් ඉන්දියාවේ සිට මෙරටට බුදු දහම රැගෙන ඓතිහාසික මිහින්තලාව පුදබිමට වැඩම කිරීමේ සුවිශේෂී අවස්ථාව සිහිපත්කරමින් සිය ගණනක් වූ යුද්ධ හමුදා සාමාජිකයන් එදින ආගමික වතාවත්වල නිරත වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ලබාදුන් උපදෙස් මත මෙම පොසොන් පොහෝ දින වැඩසටහන සංවිධානය කරන ලදී.