Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2022 18:10:55 Hours

යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන්ගේ ක්‍රිඩා කෞෂල්‍යය ප්‍රවර්ධනයට මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දැක්වූ දායකත්වය පැසසුමට

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයෙන් නික්ම ගොස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා පසුගිය ඉරිදා (12) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් නික්ම යන ලදී. එම අවස්ථාවේදී යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් පිරිසක් විසින් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යාපනය අර්ධද්වීපයෙහි සිදුකරනු ලැබූ සමාජ සත්කාරක සේවාවන් පැසසුමට ලක්කරනු ලැබූහ.

එම අවස්ථාවේදී, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් පිරිසක් විසින් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරමින් එතුමන්ගේ ඉදිරි යුද්ධ හමුදා දිවිය වෙනුවෙන් සුබපැතුම් එක්කරන ලදී.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සිය ධූරකාලය තුල ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රජා මූලික ව්‍යාපෘති රැසක් ආරම්භ කරන ලදී. එම ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම පරිදි තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණයේ පිහිටි තෙයිඩ්ඩි ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

තවද, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් සහ සම්බන්ධීකරණයෙන් තරුණ සංගම්, යෞවන සමාජ සහ විවිධ සංවිධාන අතර විවිධ ක්‍රීඩා තරඟාවලි සහ වැඩසටහන් රැසක් පවත්වනු ලැබු අතර, එම වැඩසටහන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.