14th June 2022 17:30:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු පසුගිය සිකුරාදා (3) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් උදය කුමාර 51 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි භාරගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු මෙම ධූරය සඳහා පත්කරන ලදී. නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් සිදුකර සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.
ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබන ලදී.
බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 613 වන බලසේනාවේ බලසේනාධිපති ධූරය හොබවන ලදී.