Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2022 17:27:22 Hours

තිරුක්කෝවිල් සහ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි සිවිල් වැසියන්ට වියළි සලාක පරිත්‍යගයක්

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ සිංගප්පූරුවේ සීමාසහිත ‘Tan Ngak Buay & Keen Meng Lang’ පදනමේ සභාපති පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වයෙන් සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හි සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් සහ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් මැයි මස 30 දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ සහල්, පරිප්පු, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියළි සලාක පාර්සල් 275 ක ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදුන් අතර එම අවස්ථාව සඳහා ශ්‍රී සිද්ධාර්ථ පදනමේ ශ්‍රී ලංකාවේ සභාපති පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන් සහ සිංගප්පූරුවේ සීමාසහිත Tan Ngak Buay & Keen Meng Lang පදනමේ නියෝජිතයින් ද එක්වූහ.

මෙම වැඩසටහන සඳහා 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සම්පත් ප්‍රනාන්දු, එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි, එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.