14th June 2022 17:32:56 Hours
23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සහභාගීත්වයෙන් පසුගිය බදාදා (1) දින පොතුවිල් මුහුදු මහා විහාරස්ථානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
අම්පාර මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ක්‍රියාවට නංවන ලද අතර, 242 බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 63 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 65 දෙනෙකු මෙම වැඩසටහන සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.