Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2022 18:10:58 Hours

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තවත් පදක්කම් රැසක්

කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී ජුනි මස 8 වන දින සිට 11 වන දින දක්වා පවත්වන ලද ‘46 වන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය 2022’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 2 වන ලුතිනන් එච්.ඩී.ඒ පීරිස් මීටර් 50 පසුපස ආර තරඟ ඉසව්ව තත්පර 26.24 කින් නිමාකර ජාතික වාර්තාවක් පිහිටුවන ලදී.

තවද, විවෘත පිරිමි අංශයේ හොඳම පිහිනුම් ක්‍රීඩකයා ලෙස රන් පදක්කම් 5 ක් සහ රිදී පදක්කම් 2 ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල ආර්.ජී.ඒ කරුණානායක විසින් දිනාගන්නා ලදී.

එම ජයග්‍රහණයන් පහත සඳහන් පරිදි වේ.

පිරිමි අංශය (තරඟ ඉසව් 17)

රන් පදක්කම් - 16

රිදී පදක්කම් - 13

ලෝකඩ පදක්කම් - 11

කාන්තා අංශය (තරඟ ඉසව් 5)

රන් පදක්කම් - 01

රිදී පදක්කම් - 04

ලෝකඩ පදක්කම් - 01