12th June 2022 18:30:58 Hours
නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා පසුගිය අඟහරුවාදා (9) දින කන්කසන්තුරේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී රාජකාරි භාරගන්නා ලදී.
බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.