12th June 2022 18:45:58 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු ලාන්ස් කෝප්‍රල් එන්.ඒ විතාරණ විසින් පසුගියදා තම යහපත් මානූශීය ගුණාංග පෙන්වමින් පාසල් ගුරුවරයකුගේ නැතිවූ මුදල් පසුම්බිය එහි අයිතිකරු වෙත නැවත භාරදීමට කටයුතු කර ඇත.
මාතර පිහිටි 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේ පිහිටි සුභසාධක වෙළදසැලෙහි බිම වැටී තිබී සොයාගන්නා ලද මෙම මුදල් පසුම්බියෙහි රුපියල් 1,83,000.00 ක වටිනාකමකින් යුත් මුදලක් සහ රුපියල් 41,300.00 ක මුදල් වටිනාකමකින් යුත් චෙක්පතක් ද තිබී ඇත.
මෙම සෙබලාගේ අවංකභාවය සහ අව්‍යාජභාවය වෙනුවෙන් 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී විසින් සිය ප්‍රශංසාව පිරිනමන ලදී.