Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2022 19:00:58 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කෝපායි හි පිහිටි 51 වන සේනාංකයේ 31 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් උදය කුමාර පසුගිය අඟහරුවාදා (7) දින රාජකාරි භාර ගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් උදය කුමාර 51 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් උදය කුමාර නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් විසින් සේනාංක මූලස්ථානයේ එම සේනාංකයේ රාජකාරි කරනු ලබන සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි කරන ලදී.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් උදය කුමාර යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස රාජකාරි සිදුකළේය.

මෙම උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 51 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.