Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2022 14:47:55 Hours

යුද්ධ හමුදා කාන්තා හොකී ක්‍රීඩිකාව ඉන්දුනීසියාවේ දිදුලයි

ඉන්දුනීසියාවේදී ජුනි මස 6 වන දින සිට 14 දින දක්වා පැවති ආසියානු හොකී ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබල එල්.එස්.ඩී පෙරේරා පසුගිය ජුනි මස 7 දින පැවති තරඟ පළමු වටයේදී ඇයගේ ප්‍රථිවාදී කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වූහ.

ඒ අනුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති මෙම හොකී තරඟාවලීයේදී ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ගෝල 5 – 0 ක් ලෙසින් ලකුණු රැස්කරගමින් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වූ අතර, ශ්‍රී ලංකා හොකි කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබල එල්.එස්.ඩී පෙරේරා තරඟාවලියේ ‘දක්‍ෂතම ක්‍රීඩිකාවට’ හිමි කිරුළ දිනාගැනීමට ද සමත්වූහ.