Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2022 16:47:55 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් තවත් ගංජා හේනක් වටලයි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා (9) දින එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව තෙලබෝගල, වත්තේගම රක්‍ෂිත ප්‍රදේශයේ තිබූ ගංජා පැල 745 ක වගාවක් වටලනු ලැබීය.

අඩි 2 යි අඟල් 3 ක් පමණ උසැති මෙම ගංජා පැල, 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහ මොණරාගල පොලිසියේ නිලධාරීන් විසින් පැල උදුරා ඉවත් කොට විනාශ කරනු ලැබීය. 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල සහ 18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී විසින් මෙහෙයුම සමීපව අධීක්‍ෂණය කරන ලද අතර, සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.