08th June 2022 16:50:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 ක විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන හිටපු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් මැයි මස 14 වන දින අඹේපුස්සේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ එම රෙජිමේන්තුවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලුතිනන් කර්නල් අරුණ කුලසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබූහ.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දුලිත පෙරේරා විසින් මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ප්‍රධාන සරඹ භූමිය වෙත කැටුව යන ලදී. පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලද අතර, අනතුරුව මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබූහ.
පසුව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී පැවති සියලු නිල තේපැන් සංග්‍රහයක් වෙනුවෙන් ද මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ එක්වූ අතර, එහිදි පැමිණ සිටි භටපිරිස් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම අවස්ථාවට සමගාමීව සිංහ රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය සඳහා ඉදිකරනු ලැබූ ව්‍යපෘතීන් කීපයක් මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් විවෘත කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් කළ සේවය සිහිපත් කිරීම සංකේතවත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද සිංහ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නව තණතීරුව මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් සුභ මොහොතින් පීත්ත පටිය කපා විවෘත කළේය.
නව සිංහ ක්‍රිකට් ක්‍රීඩාංගණය තණතිලි පහකින් සමන්විත වන අතර, මෙම ක්‍රීඩා පිටිය තුළින් සිවිල් සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ටද පළමු පෙළ තරඟ පැවැත්වීමේ අද්දැකීම ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුළ පවත්වන අනෙකුත් ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟාවලිද පැවැත්වීමේ පහසුකම් සැලසෙනු ඇත.
මෙම සිංහ ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත ජාතික ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයාගේ සම්බන්ධීකරණයෙන් අඩි 80 x 80 ප්‍රමාණයකින් සමන්විත තණතිලි ආවරණයක්, තණතිල්ලේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා තණකොළ කපන යන්ත්‍රයක් සහ සීමා මායිම් සලකුණු කිරීමේ කඹ දෙකක් ද පරිත්‍යාග කරනු ලැබීය.
ඉන් අනතුරුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් කොනොනි සමාජ ශාලාවේ නවතමයෙන් ඉදිකරන ලද විවේක සහ විනෝදාස්වාද පහසුකම් සහිත පෙදෙස පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් පසු විවෘත කරන ලදී.
ධූරයෙන් නික්මයන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ උපදෙස් මත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම කොමිෂන් නොලත් නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා සියලු පහසුකම් වලින් සමන්විත සමාජ ශාලාවක් ඉදිකර දෙන ලදී.
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් විවෘත කරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ විනෝදාස්වාද පහසුකම් සඳහා නවතමයෙන් ඉදිකරන ලද පෙදෙසෙහි පුවත්පත් කියවීම, රූපවාහිනී නැරඹීම, ගෘහස්ථ ක්‍රීඩා ආදි නොයෙක් විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත වන අතර, එතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යපෘතිය කෙටි කාලයකදී සාර්ථකව අවසන් කරන ලදී.
මෙම උත්සවය අතරතුර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා සිදුකළ සේවය වෙනුවෙන් නික්ම යන මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත හෘදයාංගම කෘතඥතාව පලකරමින් නිරෝගී, ඉසුරුමත් සහ සමෘද්ධිමත් අනාගතයක් ප්‍රාර්ථනා කළහ.
ඉන් අනතුරුව ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙනුවෙන් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් පත්වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් යුද්ධ හමුදාව සහ සිය රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකළ අසමසම දායකත්වය වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වසර 34 කට වැඩි ආදර්ශමත් යුද්ධ හමුදා සේවා කාලයක් නිමකර 2022 මැයි 14 වන දින විශ්‍රාම දිවියට පාතබන ලදී. හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී විශ්‍රාම දිවියට එලබෙන මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත සුබපැතුම් එක් කළේය.