08th June 2022 16:25:27 Hours
‘Eindhoven Box Cup - Netherland 2022’ බොක්සිං තරඟාවලිය නෙදර්ලන්තයේදී ජූනි මස 3 දින සිට ජූනි මස 6 දින දක්වා පැවති අතර, ඒ සඳහා කිලෝග්‍රෑම් 51 න් පහළ බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයෙකු රිදි පදක්කමක් දිනාගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේදී, 16 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බළකායේ මාණ්ඩලික සැරයන් එම්.වී.අයි.ආර්.එස් බණ්ඩාර කිලෝග්‍රෑම් 51 න් පහළ බර පන්තිය නියෝජනය කර රිදී පදක්කම දිනාගනිමින් ප්‍රථම අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.