Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2022 14:09:16 Hours

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි හි මෙහෙයුම් පිළිබඳ නිරීක්‍ෂණයක

මාලි රාජ්‍යයේ බමාකෝ (Bamako) සිට ගාඕ (Gao) විශේෂ කඳවුර දක්වා සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි හී රාජකාරීන්හී වත්මන් තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Cornelis Johannes Matthijssen) සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති වෙත ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි හී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් දිනේෂ් බුලත්සිංහල විසින් සිය කාර්යභාරයන් සහ මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය.