09th June 2022 15:09:16 Hours
පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානයේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් විපුල ඉහලගේ පසුගිය සිකුරාදා (03) දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් විපුල ඉහලගේ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් විපුල ඉහලගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා 581 වන බලසේනාවේ බලසේනාධිපති, 58 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් විපුල ඉහලගේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක ධූරය හෙබවූවේය.
වර්ෂ 1989 ජූලි මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වූ බ්‍රිගේඩියර් විපුල ඉහලගේ විශේෂ බළකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් විපුල ඉහලගේ පත්කෙරිණි.