Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2022 16:32:51 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුගිය සඳුදා (6) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලලිත් හේරත් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.

පසුව, මේජර් ජෙනරල් ලලිත් හේරත් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නව කර්නල් සේනාවිධායකතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතු අතර, සිය දේශණය සියලුම සංඥා බලකා ඒකකයන් වෙත මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ විකාශනය කරන ලදී.