Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2022 16:27:44 Hours

කතරගම පුදබිම වෙත පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ට යුද්ධ හමුදා සාමාජිකයින් වෙතින් තේ පැන් සංග්‍රහයක්

හින්දු බැතිමතුන් කතරගම බලා සිදුකරනු ලබන පාද යාත්‍රාව වර්ෂ 2022 ජුනි මස 04 දින තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදි මුරුගන් කෝවිලෙන් ආරම්භ විය.

52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ උපදෙස් මත 2022 ජූනි 06 දින එම සේනාංක මූලස්ථානය ඉදිරිපිට දී භටපිරිස් විසින් මෙම පාද යාත්‍රාවේ නිරත හින්දු බැතිමතුන් වෙත තේ පැන් සංග්‍රහයක් පුදකරනු ලැබීය.

මෙම පාද යාත්‍රාව දින 56 ක් සම්පූර්ණ කරමින් කතරගම පුදබිමෙන් අවසන් කිරීමට නියමිතව ඇත.