08th June 2022 16:37:06 Hours
යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් චාවකච්චේරි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන් 25 දෙනෙකු වෙනුවෙන් පසුගිය සඳුදා (6) දින වෛද්‍ය සායනයක් පවත්වා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සහ 523 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් සිරිවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් අයි.කේ.ජී.එස්.එන් බණ්ඩාර ඇතුළු එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුග්‍රහකත්වය ලබාදුන්හ.
52 වන සේනාංකයේ සේනාංකාධිපති සහ චාවකච්චේරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ සහභාගීත්වයෙන් චාවකච්චේරිය සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වූ මෙම පරිත්‍යාග වැඩසටහනේදී රු.15000.00 පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් තොගයක් ගර්භනී කාන්තාවන් වෙත බෙදාදෙන ලදී. අදාළ ප්‍රදේශයන්හී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය මත මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම සඳහා අවශ්‍යතා සහිත ගර්භනී කාන්තාවන් තෝරාගනු ලැබූහ.
මෙම පරිත්‍යාග වැඩසටහනට 523 වන බලසේනාවේ බලසේනාධිපති, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, චාවකච්චේරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.