07th June 2022 19:57:40 Hours
10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කාබනික පොහොර කිලෝග්‍රෑම් 8000 ක් පසුගිය සඳුදා (6) දින සූරියවැව පිහිටි සීමාසහිත ලක් පොහොර සමාගමේ සමාගම් ගබඩාව වෙත භාරදෙන ලදී.
10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ අණදෙන නිලධාරී මේජර් ආර්.පී.ඒ. රෝහණ ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම කාබනික පොහොර තොගය නිෂ්පාදනය කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා 10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසුනිලයන් සහ සීමාසහිත ලක් පොහොර සමාගමේ නිලධාරීන් සහභාගී වූහ.