Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2022 20:07:25 Hours

ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ලෝක පරිසර දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් 2022 ජූනි මස 05 දින යාපනය අර්ධද්වීපයේ පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය භටපිරිස්, ප්‍රදේශවාසීන් සමඟ එක්ව මයිලඩ්ඩි ඇතුළු වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. පොලිතින් සහ ප්ලාස්ටික් ආශ්‍රිත අපද්‍රව්‍ය මෙම සුන්දර වෙරළ තීරයන්හී බැහැර නොකිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ඊට අමතරව, ලෝක පරිසර දිනය නිමිති කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් සහ යාපනය අර්ධද්වීපයේ ජනතාව වෙත පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් ද භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.