Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2022 21:13:18 Hours

10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක

14 වන සේනාංකය යටතේ ස්‍ථාපිත 144 වන බලසේනාවට අනුයුක්ත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සහ සිවිල් වැසියන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මධ්‍යම ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් 2022 ජුනි මස 03 දින නාරාහේන්පිට අභිනවාරාම විහාරස්ථානයේදී පැවැත්වීය.

144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම ලේ දන්දීමේ වැඩසටහන 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී විසින් අධීක්‍ෂණය කරන ලදී.

නාරාහේන්පිට මධ්‍යම රුධිර පාරවියලන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතියට සිය සහයෝගය දැක්වීය.