Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2022 13:55:21 Hours

අභාවප්‍රාප්ත කර්නල් එච්.එස් රත්නායක ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

වසර 30 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා (04) දින මධ්‍යහනේ මහයියාව ආදාහනාගාරයේදී යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී වූවේය. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ඇතුළු විශාල පිරිසක් මෙම අවමංගල්‍ය උත්සව අවස්ථාවට එක්වූහ.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය කාතුගැල (gun carriage) මත තැන්පත් කර භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය ආදාහනාගාරය වෙත භාරදෙනු ලැබූහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර ගුවනට මුසු කරමින් අභාවප්‍රාප්ත කර්නල් එච්.එස්. රත්නායක වෙත හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරන ලද අතර, අභාවප්‍රාප්ත කර්නල් එච්.එස්. රත්නායක ගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් දිංවගත කර්නල් එච්.එස්. රත්නායක සිය කීර්තිමත් හමුදා දිවිය තුළ ලබාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

දිවංගත කර්නල් එච්.එස් රත්නායක සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති අතර, එතුමන්ගේ අවසන් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.

යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;