Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2022 13:57:29 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ ‘එස්. නාගරත්නම් අනුස්මරණ ශූරතා කුසලානය’ 11 ‘ඒ’ සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය සෙනසුරාදා (4) දින Thyiddy Star ක්‍රීඩා පිටියේදි පැවැත්විණි.

ප්‍රදේශයේ තරුණ තරුණියන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයින් අතර සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය Thyiddy Star Sports කණ්ඩායම සහ Palmyra Club කණ්ඩායම අතර පැවති අතර එම තරඟය නැරඹීම සඳහා ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ. කරට කර තරඟයකින් අනතුරුව පන්දුවාර 12 කදී කඩුලු 8ක් දැවී ලකුණු 79 කට Palmyra Club කණ්ඩායම දවාගනිමින් පන්දුවාර 9 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 85 ක් රැස්කිරීමට Thyiddy Star Sports කණ්ඩායම සමත්විය.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරඟවාලියේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය තූර්ය වාදක කණ්ඩයේ සාමාජිකයින් විසින් පපරේ සංගීතය සපයමින් මෙම තරඟාවලිය සඳහා විනෝදාත්මක බවක් එක්කරන ලදී.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා තෙලිප්පලෛයි ප්‍රාදේශීය ලේකම් ශ්‍රියා ශ්‍රී මහතා, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 51 සහ 52 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මයිලඩ්ඩි ග්‍රාම නිලධාරී වසබේ ග්‍රාම නිලධාරි නාගරත්නම් මහත්මිය සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශයේ ක්‍රිකට්ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.