06th June 2022 14:00:49 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ සිංගප්පූරුවේ සීමාසහිත Tan Ngak Buay & Keen Meng Lang පදනමේ සභාපති පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය හා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 1500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (30) දින ක්‍රියාත්මක කරන ලදී.
24 වන සේනාංකය යටතේ ස්ථාපිත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කාර්තිව් බහුකාර්ය ශාලාවේදී මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට පූජ්‍ය ඇතිමලේ ආනන්ද හිමිපාණන්, තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු අනුග්‍රාහක භවතුන් සහ අදාළ ප්‍රදේශයන්හී ග්‍රාම නිලධාරින් සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, 24 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 241 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.