Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2022 17:41:49 Hours

64 වන සේනාංකයේ භටපිරිස් අ.පො.ස. (සා/පෙළ) විභාග අපේක්‍ෂකයින් වෙත ආහාර පාර්සල් පිරිනමයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් විසින් එම ප්‍රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් මැයි මස 27 දින සිට ජුනි මස 1 දින දක්වා අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසු සිසුවියන් සහ විභාග පරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටින ගුරු භවතුන් වෙනුවෙන් දිවා ආහාර පාර්සල් පිරිනමනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් පරිදි 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි වීරකෝන් සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය මත මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.