Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2022 19:01:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව ප්‍රධාන සංඥා නිලධාරී රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව ප්‍රධාන සංඥා නිලධාරී ලෙස මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුගිය සිකුරාදා (3) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

එහිදී, මේජර් ජෙනරල් ලලිත් හේරත් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ලලිත් හේරත් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධූරය හෙබවීය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අශෝක පීරිස් විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරල් ලලිත් හේරත් මෙම ධූරයට පත්විය.