04th June 2022 17:36:46 Hours
නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ ප්‍රථම සමුද්‍ර හා ජලජ ක්‍රියාන්විත පාඨමාලාව වන ‘Cast Master’ පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ විශේෂ බලකාය ඒකාබද්ධව මැයි මස 4 දින ආරම්භ කරනු ලැබූ අතර මැයි මස 9 දින අවසන් විය.
විශේෂ බලකාය විසින් සමුද්‍ර හා ජලජ ක්‍රියාන්විත සිදුකිරීමේදී ගුවනින් ගොස් ක්‍රියාන්විත ස්ථානයන් වෙත නිවැරදිව බෝට්ටුවක් මතට පතිත කරවීමේ දැනුම හා නිවැරදිව ජලජ ක්‍රියාන්විත සිදුකිරීමත්, පිහිනීම හා කිමිදුම් පුහුණුව විශේෂ බලකා සාමාජිකයින් වෙත ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පවත්වන ලදී. යුද්ධ හමුදාවේ පවතින එකම කිමිදුම් පුහුණු පාසල වන මුලතිව්, නයාරූ ස්ථාපිත විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්වූ ප්‍රථම සමුද්‍රීය හා ජලජ ක්‍රියාන්විත පාඨමාලාව මෙය වේ.
විශේෂ බලකායේ එක් නිලධාරියෙක් සහ සෙසුනිලයන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්විය.