06th June 2022 16:50:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිකුරාදා (3) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නව යුද්ධ හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි ආරම්භ කළ ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සුබපැතුම් එක්කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පැසසුමට ලක්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කළේය. එමෙන්ම, මේ වනවිට යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ වැඩසටහන ඉදිරියටත් සාර්ථකව ක්‍රියාත්මක කරන මෙන් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රකාශ කරන ලදී.
මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.