Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2022 11:34:43 Hours

යුද්ධ හමුදා භටපිරිස් අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදෙති

බණ්ඩාරවෙල, පූනාගල ක්‍රෙග් වතුයායේ වෙසෙන අවශ්‍යතා සහිත වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ආරක්‍ෂක අංශ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ සම්බන්ධීකරණය හා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ප්‍රතිලාභීන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදී.

මෙලෙස බෙදාදුන් එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 5000.00 ක් වූ අතර එම පාර්සල් කීරි සම්බා සහල්, ලොකු ළූණු, පරිප්පු, ලුණු, මිරිස් කුඩු, සුදු ළුණු, ටින් මාළු සහ සෝයා මීට් ඇතුළු ද්‍රව්‍යවලින් සමන්විත විය. 12 වන සේනාංකයේ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම භටපිරිස් එක්ව මැයි මස 26 දින වතු කාර්යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයන් මෙන්ම පූනාගල, ක්‍රෙග් වතුයායේ වතු අධිකාරි ද සහභාගී වූහ.