03rd June 2022 11:38:15 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ඇතුළු තවත් අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදී.
රාජගිරිය BMIS Pvt Ltd ආයතනයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත සංවිධානය කළ වැඩසටහන යටතේ රුපියල් 350,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ තොගයක් පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදෙන ලදි. 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු භවතුන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සිංහල, මුස්ලිම් සහ දමිළ පාසල් සිසු සිසුවියන් 114 දෙනෙකු වෙත පාසල් බෑග්, අභ්‍යාස පොත්, ගණිත උපකරණ කට්ටල සහ කාබන් පෑන් ආදී පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග සිදුකරන ලදී.
මෙම පාසල් උපකරණ පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදීම සඳහා 242 වන බලසේනාවේ භටපිරිස් වෙත පාසල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ද හිමිවිය.
මෙම අවස්ථාව සඳහා 242 වන බලසේනාවේ බලසේනාධිපති, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු භවතුන්, 242 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම සිසු සිසුවියන් හා දෙමව්පියන් ද එක්වූහ.