03rd June 2022 11:45:46 Hours
තලගල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ කළුතර පුණ්‍යායතනයන්හී ශාසනාරක්‍ෂක මණ්ඩලය ඒකාබද්ධව සූරියවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (30) දින ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 600 කට අධික ප්‍රමාණයකට එක් වියළි සලාක පාර්සලයක් රුපියල් 1500.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
ප්‍රදේශයේ ජීවත්වන අවශ්‍යතා සහිත වැසියන් පිළිබඳ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල දැනුවත් වීමෙන් අනතුරුව එතුමන්ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, බෙදාදුන් සෑම වියළි සලාක පාර්සලයක්ම සහල් කිලෝ ග්‍රෑම් 2.8 ක්, පරිප්පු කිලෝ ග්‍රෑම් 1 ක්, සීනි කිලෝ ග්‍රෑම් 1 ක් සහ සෝයා මීට් පැකට් 2 කින් සමන්විත විය.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සූරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම්, 12 වන සේනාංකයේ සේනාංකාධිපති, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන්, සූරියවැව මහ රෝහලේ සේවයේ නියුතු රජයේ වෛද්‍ය නිලධාරී, සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ ප්‍රතිලාභීන් 600 කට අධික පිරිසක් සහභාගී වූහ.