Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2022 21:30:53 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

වසර 32 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ දිවංගත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (02) දින සන්ද්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දේහයට අවසන් ගෞරව දැක්වීය. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකයට පත් තවත් බොහෝ පිරිසක් ද එක්ව සිටියහ.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) ගේ දේහය කාතුගැල (gun carriage) මත තැන්පත් කර භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) ගේ දේහය ගෙන ආදාහනාගාරය වෙත යනු ලැබූ අතර ඒ පිටුපසින් දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර ගුවනට මුසු කරමින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරන ලද අතර, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) ගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් දිංවගත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) සිය කීර්තිමත් හමුදා දිවිය තුළ උපයාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අවසන් කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාවේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;