02nd June 2022 21:19:08 Hours
විශ්‍රාම යාමට ප්‍රථම නිවාඩු ලබා සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් එච්.එස්. රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බදාදා (01) දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 56 වන වියේ පසුවිය.
විශ්‍රාම යාමට පෙර එතුමන් මහනුවර පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා) ධූරයේ රාජකාරි හෙබවීය. කර්නල් එච්.එස්. රත්නායක ගේ දේහය මේ වනවිට මහනුවර, පරණ ගංතොට පාර, අංක 8/89 දරණ එතුමන්ගේ නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී සෙනසුරාදා (4) දින 1230 පැයට පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතව ඇත.