Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2022 14:05:43 Hours

ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය ඇසුරින් රචනා කළ ‘Storm of Warriors’ ග්‍රන්ථය අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ‘Storm of Warriors’ ග්‍රන්ථයේ මංගල පිටපත ගජබා රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයෙකු වන අතිගරු ජනාධිපතිතුමන් වෙත අද (2) දින ජනාධිපති මන්දිරයේදී පිළිගන්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් මාතෘභූමියේ විමුක්තිය සඳහා සිදුකරන ලද අසමසම කැපකිරීමත්, රෙජිමේන්තුවේ ආරම්භයේ සිට මේ දක්වා සිදු වූ ප්‍රවර්ධනයත්, රෙජිමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනයත්, යුද පිටියේ ලද ජයග්‍රහණයන් සහ මානුෂීය මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ගේ දායකත්වය ආදී වූ අමරණීය මතකයන් රැසක් ‘Storm of Warriors’ නැමැති මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් විසින් රචනා කරනු ලැබූ මෙම ග්‍රන්තය තුළ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් විසින් අතීතයේ සිදුකරනු ලැබූ මෙහෙයුම් සහ එම රෙජිමේන්තු රණවිරුවන්ගේ කැපකිරීම් පිළිබඳ ඡායාරූප සමඟින් ඉතා වර්ණවත් හා අලංකාරවත් අයුරින් ලේඛනගත කර ඇත.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.