Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2022 21:28:38 Hours

නව යුද්ධ හමුදාධිපති ගරු අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (2) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එහිදී, නව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් සුහඳ සාකච්ඡාවක නිරත විය.

සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.